දහම් සයුර
 
 
 
දිවයින පුරා සති අන්තයේ පැවැත්වෙන දහම් පාසල් නිසා සිසුන්ගේ දහම් දැනුම වර්ධනය වීම, සදාචාරවත් භාවය ඇතිවීම, වත් පිළිවෙත් වලට හුරුවීම හා කන්ඩායම් ක්‍රියාකාරීත්වයට නැබුරුවීම මෙන්ම විවිධ හැකියාවන් දියුණු වීමද සිදුවේ. එනමුදු විවිධ හේතූන් මත දහම් පාසලට යාමට නොහැකිවන සිසු සිසුවියන් සඳහා මෙම දහම් පාසල් දැනුම ලබා ගැනීමට පහසුකම් නොලැබේ.
 
 
 
දහම්පාසල් පළවන ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණියේ හා ධර්මාචාර්ය දක්වා නිර්දේශිත දැනුම ඉ - පොත් ලෙස අන්තර්ජාලගත කිරීමත්, එහි අඩංගු ගාථා හා දහම් කවි හඬ පට ලෙස අන්තර්ජාල ගතකිරීමත් මගින් ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය ඔස්සේ මෙම තොරතුරු නැරබීමට මෙන්ම සවන්දීමටද අවස්ථාව උදාකරදීම මගින් දහම් අධ්‍යාපනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ පළමු අදියර මෙසේ ආරම්භ වූ වගයි.
 
 
 
ඉ - පොත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කර ගැනීමට පහසුකම් සැළසීමත්, දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොමැති පුද්ගලයන්ට මේ තුළින් දහම්පාසල් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් සැලසීම, දහම් පාසල් ගුරුවරුන්ට ඉ අධ්‍යාපනය පිළිබදව අවබෝධයක් ලබාදීම, දහම් පාසල් සිසුනට ස්වයං අධ්‍යයනය සදහා අවස්ථාවක් සැලසීමත් අවසාන වශයෙන් සදාචාරාත්මක සමාජයක් බිහිකිරීමත් දහම් සයුරේ අරමුණු අතර වේ.
 
 
 
මෙමම දහම්සයුර,  ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කර කණ්ඩියපිටවැව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි කණ්ඩියපිටවැව නැණසල මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.   
Last Updated ( Saturday, 06 June 2009 02:53 )
 

ඔරලෝසුව

සේයාරූ

03.jpg

වැදගත් වෙබ් අඩවි යොමු